Acts 26:1 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එවිට අග්‍රිපා රජු පාවුල් අමතමින්, “ඔබ ගැන කරුණු කියන්නට ඔබට අවසර ඇතැ” යි පැවසී ය. එවිට පාවුල් අත ඔසවා මෙසේ තම නිදහසට කරුණු කියන්නට වන්නේ ය:
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට අග්‍රිපා රජු, “ඔබේ නිදහසට කරුණු කීමට දැන් අවසර තිබේ ය”යි පාවුලුට කී ය. එකල පාවුලු අත දිගු කොට තමාගේ නිදහසට මෙසේ කරුණු කියා පෑවේ ය:
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට අග්‍රිපා තෙමේ: ඔබ ගැන උත්තරදෙන්ට ඔබට අවසර තිබේයයි පාවුල්ට කීවේය. එකල පාවුල් අත දිඟුකොට තමා ගැන මෙසේ උත්තරදුන්නේය-
Sinhala SNRV (New Revised Version 2018)
එවිට අග්‍රිපා රජු, “ඔබේ නිදහසට කරුණු කීමට දැන් අවසර තිබේ ය”යි පාවුලුට කී ය. එකල පාවුලු අත දිගු කොට තමාගේ නිදහසට මෙසේ කරුණු කියා පෑවේ ය: