Acts 27:17 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
බෝට්ටුව ඔසවා නැවට ගත් නැවියෝ, නැව්බඳ සවිමත් කරන්නට කඹ නැව යටින් දමා බැන්දහ. සර්ටිස්හි වැලි කණ්ඩිවල නැව ගැටේ ය යන බියෙන් ඔවුහු පාවෙන නැංගුරම දමා, නැව පාවී යන්නට ඉඩ හළහ.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු එය නැවට ඔසවා, ආධාර කඹ නැව යටින් දමා බැන්දාහ; සර්ටිස්හි වැලි කණ්ඩිවල ගැටේ ය යන බියෙන් ඔව්හු කුඹදැව බා, නැව ගසා ගෙන යන්නට ඉඩ දුන්හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු ඒක ඔසවාගත් විට ආධාර කඹ නැව යටින් දමා බැන්දෝය; සොරවැල්ලේ වැටේය යන භයින් ඔව්හු කුඹ දැව බා, එසේ ගෙනයනු ලැබුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු එය නැවට ඔසවා, ආධාර කඹ නැව යටින් දමා බැන්දාහ; සර්ටිස්හි වැලි කණ්ඩිවල ගැටේ ය යන බියෙන් ඔව්හු කුඹදැව බා, නැව ගසා ගෙන යන්නට ඉඩ දුන්හ.