Acts 27:3 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
පසු දින අපි සීදොන්ට ගොඩ බැස්සෙමු. ජුලියස්, පාවුල්ට කාරුණික වී, ඔහුගේ මිතුරන් හමුවට යෑමටත්, ඔවුන් වෙතින් ඔහුගේ අවශ්‍යතා සපයා ගැනීමටත් ඉඩ දුන්නේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
පසුවදා අපි සීදොනට ළඟා වීමු. ජුලියස් පාවුලුට කරුණාව දක්වමින් ඔහුගේ මිත්‍රයන් හමු වීමට යන්නටත්, ඔවුන්ගෙන් සත්කාර ලබන්නටත් ඔහුට ඉඩ දුන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පසුවදා සීදොන්ට පැමිණියෙමුව. ජුලියස් පාවුල්ට මිත්‍රකම් පෙන්වමින්, ඔහුගේ මිත්‍රයන් ළඟට යන්ටද පහසු ලබන්ටද ඔහුට ඉඩ ඇරියේය.
Sinhala SNRV (New Revised Version 2018)
පසුවදා අපි සීදොනට ළඟා වීමු. ජුලියස් පාවුලුට කරුණාව දක්වමින් ඔහුගේ මිත්‍රයන් හමු වීමට යන්නටත්, ඔවුන්ගෙන් සත්කාර ලබන්නටත් ඔහුට ඉඩ දුන්නේ ය.