Acts 27:41 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් නැව වැලි කණ්ඩියක හැපී, වැල්ලේ එරිණි. නැව් ඇණිය එරී සොලවන්නට බැරි විය; නැව් අවරය හැපී, බිඳෙන සැඩ රළින් කෑලිවලට කැඩී යන්නට විණි.
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත් සැඩ පහරින් ගසාගන ගිය නැව වැලි කණ්ඩියක හැපුණේ ය. එවිට ඇණිය එරී තද වුණේ ය, රැළ වේගය නිසා අවරය බිඳෙන්න පටන් ගත්තේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් මුහුදු දෙකක් යාවෙන තැනකට පැමිණ නැව බිමට වැද්දෙවුවෝය; එවිට ඇණිය එරී තදවුණේය, රැළවල වේගය නිසා අවරය බිඳෙන්ට පටන්ගත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත් සැඩ පහරින් ගසාගන ගිය නැව වැලි කණ්ඩියක හැපුණේ ය. එවිට ඇණිය එරී තද වුණේ ය, රැළ වේගය නිසා අවරය බිඳෙන්න පටන් ගත්තේ ය.