Acts 3:13 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද යාකොබ්ගේ ද දෙවියන්වහන්සේ වන අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ, ස්වකීය සේවක යේසුස්වහන්සේ තේජෝමහිමයට පැමිණවූ සේක. ඔබ පිලාත් අතට එතුමන් භාර දුන් විට පිලාත් එතුමන් නිදහස් කරන්නට තීරණය කළත්, ඔබ කළේ ඔහු ඉදිරි පිටදී එතුමන් ප්‍රතික්ෂේප කිරීමයි.
Sinhala Bile - New Revised Version (NRSV)
ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවි වූ අපගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ තමන් සේවකයා වූ ජේසුස් වහන්සේ මහිමයට පැමිණ වූ සේක. එහෙත් ඔබ උන් වහන්සේ නඩු ශාලාවට පැමිණෙව්වහු ය. තවද පිලාත් උන් වහන්සේ නිදහස් කරන්නට තීරණය කරගෙන සිටි විට ඔහු ඉදිරියේ ම ඔබ උන් වහන්සේ ප්‍රතික්ෂේප කළහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවිවූ අපගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ තමන් මෙහෙකරුවූ යේසුස්වහන්සේ ගෞරවයට පැමිණෙවුසේක. ඔබ සැම උන්වහන්සේ පාවාදී, පිලාත් උන්වහන්සේ නිදහස්කරන්ට තීන්දුකරගන සිටි කල, ඔහු ඉදිරියෙහිදී උන්වහන්සේව එපාකළහුය.
Sinhala SNRV (New Revised Version 2018)