Acts 3:26 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
දෙවියන්වහන්සේ, ස්වකීය සේවකයා නැගිටුවා දී, මුලින්ම එවන ලද්දේ ඔබ වෙතටයි. එසේ කළේ ඔබ හැම කෙනකුම ඔබේ දුෂ්ට මාර්ගවලින් හැරවීමෙන් ඔබට ආශිර්වාද කරනු පිණිස යැ” යි පැවසී ය.
Sinhala Bile - New Revised Version (NRSV)
දෙවියන් වහන්සේ ස්වකීය සේවකයාණන් උත්ථාන කොට, පළමුවෙන් ම උන් වහන්සේ එවා වදාළේ ඔබ වෙතට ය. එසේ කෙළේ ඔබ හැම කෙනෙකු ම තම තමාගේ අදමිටුකම්වලින් හරවා ආශීර්වාද කරනු පිණිස ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
දෙවියන්වහන්සේ ස්වකීය සේවකයා නැගුටුවාදී, ඔබ සැමගෙන් එකිනෙකා තම තමාගේද අයුතුකම්වලින් හැරවීමෙන් ඔබ සැමට ආශීර්වාදකරන පිණිස, පළමුකොට ඔබ සැම වෙතට උන්වහන්සේව එවූසේකැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
දෙවියන් වහන්සේ ස්වකීය සේවකයාණන් උත්ථාන කොට, පළමුවෙන් ම උන් වහන්සේ එවා වදාළේ ඔබ වෙතට ය. එසේ කෙළේ ඔබ හැම කෙනෙකු ම තම තමාගේ අදමිටුකම්වලින් හරවා ආශීර්වාද කරනු පිණිස ය.”