Acts 5:36 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
කලකට ඉහත තෙවුදාස්, තමා සැලකිය යුතු කෙනෙකැයි කියා ගනිමින් නැගිට හිටියා. හාරසිය දෙනකු පමණ පිරිවරක් ඔහුට එක්වුණා. එහෙත් ඔහු මරා දමනු ලැබූ පසු, ඔහුගේ සහචරයින් විසිරවනු ලැබ, ඒ සියල්ල නැත්තටම නැති වී ගියා.
Sinhala Bile - New Revised Version (NRSV)
ටික කලෙකට පෙර තියුදාස්, තමා වැදගත් කෙනෙකැ යි කියමින් ඉදිරිපත් විය. ඔහුට මිනිසුන් හාරසිය දෙනෙක් පමණ එකතු වූ හ. එහෙත්, ඔහු මරනු ලැබී ය. ඔහුගේ අනුගාමිකයෝ සියලු දෙනා විසිර ගොස් නැත්තට ම නැති වූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද මේ දවස්වලට පළමුවෙන් තුදාස් තෙමේ තමාත් වැදගත් කෙනෙක්ය කියා නැගිට්ටේය; ගණනින් හාරසියයක් පමණ මනුෂ්‍යයෝ ඔහුට එකතු වුණෝය. ඔහු මරනලද්දේය; ඔහුට යම් පමණ දෙනෙක් කීකරුවූවෝද ඒ සියල්ලෝම විසුරුවනු ලැබ නැතිවී ගියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ටික කලෙකට පෙර තියුදාස්, තමා වැදගත් කෙනෙකැ යි කියමින් ඉදිරිපත් විය. ඔහුට මිනිසුන් හාරසිය දෙනෙක් පමණ එකතු වූ හ. එහෙත්, ඔහු මරනු ලැබී ය. ඔහුගේ අනුගාමිකයෝ සියලු දෙනා විසිර ගොස් නැත්තට ම නැති වූ හ.