Acts 7:43 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
නුඹලා ඉහළට එසවූයේ මොලොක්ගේ දෙවොලත්, රෙපාන් දේවතා තරුවත් යන නුඹලාම තනා ගත් පිළිමත් ය. එබැවින් මම, බබිලෝනියෙනුත් එපිටට නුඹලා පිට මං කරමි.’
Sinhala Bile - New Revised Version (NRSV)
නැත, නමස්කාර කරන පිණිස ඔබ විසින් සාදන ලද රූප, එනම්, මොලෙක්ගේ දේවාලය ද රෙපාන් දෙවියාගේ තාරකාව ද ඔබ ඔසවාගෙන ගියහු ය. එබැවින් ඔබ බබිලෝනියෙන් එපිටට නෙරපන්නෙමි’ යනුවෙන් ලියා තිබේ.
Sinhala Bile - Revised Old Version (SROV)
නමස්කාරකරන පිණිස ඔබ සැම විසින් සාදනලද රූප එනම් මොලොක්ගේ කූඩාරමද රෙපාන් දෙවියාගේ තාරකාවද ඔසවාගෙනගියහුය. එබැවින් ඔබ සැම බබිලෝනියෙන් එපිටට ගෙනයන්නෙමි යනුයි.
Sinhala SNRV (New Revised Version 2018)
නැත, නමස්කාර කරන පිණිස ඔබ විසින් සාදන ලද රූප, එනම්, මොලෙක්ගේ දේවාලය ද රෙපාන් දෙවියාගේ තාරකාව ද ඔබ ඔසවාගෙන ගියහු ය. එබැවින් ඔබ බබිලෝනියෙන් එපිටට නෙරපන්නෙමි’ යනුවෙන් ලියා තිබේ.