Amos 8:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට සමිඳාණන් වහන්සේ, “ආමොස්, නුඹ කුමක් දකින්නෙහි දැ”යි ඇසූ සේක. “පැසුණු පලතුරු ඇති කූඩයකැ”යි මම පිළිතුරු දුනිමි. එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් සෙනඟගේ විනාශය පඩිසන් දෙන කාලය දැන් පැසී ඇත. ඔවුන්ට දඬුවම් කිරීමට ඇති මාගේ අදහස් මම වෙනස් නොකරමි.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ: ආමොස්, ඔබට පෙනෙන්නේ කුමක්දැයි මාගෙන් ඇසූසේක. මමද: ඉදුණු ඵල පෙට්ටියක්යයි කීවෙමි. එකල ස්වාමීන්වහන්සේ: මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට අන්තිමය පැමිණ තිබේ; මම නැවත තවත් ඔවුන්ට අච්චු නොකර නොසිටින්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)