Colossians 2:23 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
තමන්ම සකස් කර ගත් නමස්කාර පිළිවෙත් මඟින් ද පුහු යටහත්කමින් ද සිරුරට වධ දීමෙන් ද සැදුම් ලත් එම ශික්ෂා-නියෝග පෙනුමට නැණවත් වුව ද, සැබවින් ම මාංසික තෘෂ්ණා මැඩලීමේ කිසි වටිනාකමක් ඒවායේ නැත.
Sinhala Bile - New Revised Version (NRSV)
තමන් ම මවාගත් නමස්කාර ක්‍රම නිසාත්, ව්‍යාජ නිහතමානීකම නිසාත්, ශරීරයට වද දීම නිසාත්, බැලූ බැල්මට ඒ නියෝගවල වටිනාකමක් ඇති සේ පෙනුනත් මාංසික තෘෂ්ණා මැඬලීමට ඒවායින් කිසි රුකුලක් නොලැබේ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ දේවල් වනාහි කැමතිලෙස නමස්කාර කිරීමෙන්ද පහත්වීමෙන්ද ශරීරයට හිංසාකරගැනීමෙන්ද ඥානවන්තකමක් මෙන් පෙනේ; නුමුත් මාංසයේ තෘෂ්ණා වැලැක්වීම සඳහා ඒවායේ කිසි වටිනාකමක් නැත.
Sinhala SNRV (New Revised Version 2018)
තමන් ම මවාගත් නමස්කාර ක්‍රම නිසාත්, ව්‍යාජ නිහතමානීකම නිසාත්, ශරීරයට වද දීම නිසාත්, බැලූ බැල්මට ඒ නියෝගවල වටිනාකමක් ඇති සේ පෙනුනත් මාංසික තෘෂ්ණා මැඬලීමට ඒවායින් කිසි රුකුලක් නොලැබේ.