Daniel 11:25 — Compare Translations
2 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“ඔහු ධෛර්යයත්, බලයත් උපදවාගෙන මිසරයේ රජුට විරුද්ධ ව මහා සේනාවක් ගෙන යන්නේ ය. මිසරයේ රජ ද අති විශාල බලසම්පන්න සේනාවක් සමඟ යුද්ධයට එළඹෙන්නේ ය. එහෙත්, ද්‍රෝ‍්හීන් විසින් ඔහුට විරුද්ධ ව යොදනු ලබන උපායයන් නිසා ඔහුගේ සටන සාර්ථක නොවන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු දකුණු දිශාවේ රජුට විරුද්ධව මහත් සේනාවක් ඇතුව, තමාගේ බලයත් වීර්යයත් පොලඹවාගන්නේය; දකුණු දිශාවේ රජද ඉතා මහත්වූ බලවත්වූ සේනාවක් ඇතුව යුද්ධයට නැගිටින්නේය. නුමුත් ඔහුට හිටින්ට බැරිවන්නේය, මක්නිසාද ඔව්හු ඔහුට විරුද්ධව උපා යොදන්නෝය.