Daniel 3:26 — Compare Translations
2 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එසේ කියා ඔහු ඇවිලෙන ගිනි උදුනේ දොරකඩට ළං වී, “මහෝත්තම දෙවියන් වහන්සේගේ සේවකයන් වන ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ පිටතට එන්න, මෙහි එන්නැ”යි කී ය. එවිට ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ ගින්න මැද සිට පිටතට ආහ.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට නෙබුකද්නෙශර් ඇවිළෙන ගිනි උදුනේ දොරකඩට ළංවී: මහෝත්තම දෙවියන්වහන්සේගේ මෙහෙකරුවන් වන ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ, පිටතට එන්නැයි කීවේය. එවිට ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද ගින්න මැද සිට පිටතට ආවෝය.