Daniel 4:23 — Compare Translations
2 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තවද, ශුද්ධ මුරකාරයෙකු ස්වර්ගයෙන් බැස එනු ඔබ දුටුවෙහි ය. ඔහු මෙසේ කී ය: ‘ගහ සිඳදමා විනාශකරන්න, එහෙත්, එහි මුල් හා කඳ යකඩ හා ලෝකඩ වළල්ලක් දමා පොළොවේ ළා තණ අතරේ තිබෙන්නට අරින්න. ඒ මිනිසා අහසේ පිනිවලින් තෙමේ වා. අවුරුදු සතක් ගතවන තුරු ඔහු මෘගයන් සමඟ තණ කොළ කෑවා වේ.’
Sinhala Bile - Revised Old Version (SROV)
තවද ශුද්ධවූ රැකවලෙක් අහසෙන් බැස කථාකොට: ගහ කපාදමා විනාශකරන්න; එහෙත් ඒකේ මුලේ කඳට යකඩ සහ පිත්තල බැම්මක් දමා, පොළොවෙහි වනයේ තෘණ අතරේ තිබෙන්ට අරින්න; ඒක අහසේ පිනිවලින් තෙමේවා, ඔහු කාලවල් සතක් පසුකරන තුරු ඔහුගේ කොටස වනයේ මෘගයන් සමඟ වේවායි කියනවා රජ දුටු බැවින්,