Daniel 4:25 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ මනුෂ්‍ය වාසයෙන් පන්නාදමනු ලබන්නෙහි ය. ඔබේ වාසය වනයේ මෘගයන් සමඟ වන්නේ ය. ගවයන්ට මෙන් ඔබට තණ කොළ කවනු ලබන්නෙහි ය. ඔබ අහසේ පින්නෙන් තෙමනු ලබන්නෙහි ය. මෙසේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය මහෝත්තමයාණන් වහන්සේ පාලනය කරන බවත්, තමන් කැමැති කෙනෙකුට උන් වහන්සේ එය දෙන බවත් ඔබ දැනගන්න තුරු, අවුරුදු සතක් ඔබ ගත කරන්නෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ මනුෂ්‍යයන් වෙතින් පන්වනු ලබන්නෙහිය, ඔබගේ වාසය වනයේ මෘගයන් සමඟ වන්නේය, ගවයන්ට මෙන් ඔබට තෘණ කවනු ලබන්නේය, ඔබ අහසේ පින්නෙන් තෙමෙන්නෙහිය; මෙසේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි මහෝත්තමයාණන්වහන්සේ බලය පවත්වා, කැමැති කෙනෙකුට ඒක දෙන බව ඔබ දැනගන්න තුරු, ඔබ කාලවල් සතක් පසුකරනවා ඇත.