Daniel 4:33 — Compare Translations
2 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඒ කියන ලද දේ එකෙණෙහි ම සම්පූර්ණයෙන් ම ඉෂ්ට විය. ඔහු මනුෂ්‍ය වාසයෙන් පන්නාදමනු ලැබ, ගොනුන්ට මෙන් ඔහුට තණ කොළ කවන ලදී. ඔහුගේ හිසකේ රාජාලියන්ගේ පිහාටු මෙන් ද ඔහුගේ නියපොතු පක්ෂීන්ගේ නියපොතු මෙන් ද වැඩෙන තුරු ඔහුගේ ශරීරය අහසේ පින්නෙන් තෙමුණේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එකෙණෙහිම මේ කාරණය නෙබුකද්නෙශර් කෙරෙහි සම්පූර්ණ විය. ඔහු මනුෂ්‍යයන් වෙතින් පන්වනු ලැබ, ගොනුන් මෙන් තෘණ කෑයේය, ඔහුගේ ඉසකේ රාජාලීන්ගේ පිහාටුමෙන්ද ඔහුගේ නියපොතු පක්ෂීන්ගේ නියපොතු මෙන්ද වැඩෙන තුරු, ඔහුගේ ශරීරය අහසේ පින්නෙන් තෙමුණේය.