Daniel 4:34 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අවුරුදු සත ගත වූ පසු, නෙබුකද්නෙශර් රජු වන මම මාගේ ඇස් ස්වර්ගය දෙස එසවීමි. මාගේ සිහිය මට නැවත ලැබුණේ ය. මම සදහට ම ජීවත් වන මහෝත්තමයාණන්ට ප්‍රශංසා කෙළෙමි; ගෞරව කෙළෙමි. මන්ද, එතුමාණන්ගේ පාලනය සදාතනික ය; එතුමාණන්ගේ රාජ්‍යය පරපුරෙන් පරපුරට පවත්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ දවස්වලට පසු නෙබුකද්නෙශර් වන මම මාගේ ඇස් ස්වර්ගය දෙසට එසවීමි, මාගේ සිහිය නැවත මට පැමුණුණේය, මම මහෝත්තමයාණන්වහන්සේට ප්‍රශංසාකොට, සදාකාලේටම ජීවත්වන්නාවූ සදාකාල ආණ්ඩුවක්ද පරම්පරාවෙන් පරම්පරාවට පවතින රාජ්‍යයක්ද ඇත්තාවූ තැනන්වහන්සේ වර්ණනාකොට ගෞරව දුනිමි.