Daniel 5:21 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මනුෂ්‍යයන්ගේ රාජ්‍යය මහෝත්තම දෙවියන් වහන්සේ පාලනය කරන බවත්, තමන් කැමැති කෙනෙකු උන් වහන්සේ ඒවායේ පාලනය කිරීමට පත් කරන බවත් දැනගන්නා තුරු ඔහු ජන සමාජයෙන් පිටමං කරනු ලැබී ය. ඔහුගේ සිත මෘගයෙකුගේ සිත මෙන් විය. වල් කොටළුවන් සමඟ ජීවත් වී, ගොනුන් මෙන් තණ කොළ කන්නට ඔහුට සිදු විය. ඔහුගේ සිරුර අහසේ පින්නෙන් තෙමුණේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මහෝත්තම දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි බල පවත්වා, උන්වහන්සේ කැමැති කෙනෙකු එය කෙරෙහි පත්කරන බව ඔහු දැනගන්න තුරු, මනුෂ්‍ය පුත්‍රයන් වෙතින් පන්වනු ලැබ, ඔහුගේ සිත මෘග සිතකට සමානව, ඔහුගේ වාසය වල්කොටළුවන් සමඟ වූයේය. ගොනුන්ට මෙන් ඔහුට තෘණ කවනු ලැබ, ඔහුගේ ශරීරයද අහසේ පින්නෙන් තෙමුණේය.