Daniel 5:23 — Compare Translations
2 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තවද, කිසි පෙනීමක් වත්, ඇසීමක් වත්, දැනුමක් වත් නැති, රන් රිදී, ලෝකඩ, යකඩ, ලී සහ ගලින් සාදන ලද දෙවිවරුන්ට ඔබ ප්‍රශංසා කෙළෙහි ය. එහෙත්, ඔබේ ප්‍රාණයටත්, ඉරණමටත් කර්තෘ වන දෙවියන් වහන්සේට ඔබ ගෞරව කෙළේ නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වර්ගයේ ස්වාමීන්වහන්සේ ට විරුද්ධව උසස්වී, උන්වහන්සේගේ ගෘහයේ භාජන ඔබ ඉදිරියට ගෙන්වාගන, ඔබද ඔබගේ උත්තමයෝද භාර්යාවරුද උපභාර්යාවරුද එයින් මුද්‍රිකපානය බීවෝය; තවද කිසි පෙනීමක්වත් ඇසීමක්වත් දැනුමක්වත් නැත්තාවූ, රන් රිදී පිත්තල යකඩ ලී සහ ගල්ද වූ දෙවිවරුන්ට ඔබ ප්‍රශංසාකෙළෙහිය. නුමුත් ඔබගේ හුස්ම තමන් හස්තයෙහි ඇත්තාවූ, ඔබගේ සියලු මාර්ග අයිතිවූ දෙවියන්වහන්සේට ඔබ ගෞරවකළේ නැත.