Daniel 6:12 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට ඔව්හු රජ්ජුරුවන් ඉදිරියට පැමිණ රාජාඥාව මතක් කර, “රජතුමනි, තිස් දවසක් ඇතුළත දී යම් කෙනෙකු ඔබතුමාගෙන් මිස, අන් දෙවි කෙනෙකුගෙන් වත්, මනුෂ්‍යයෙකුගෙන් වත් කිසියම් අයැදුමක් කළොත්, ඔහු සිංහ ගුහාවට හෙළිය යුතු ය කියා ඔබතුමා ආඥා පත්‍රයක් අත්සන් කළා නොවේ දැ”යි ඇසූ හ. “එය එසේ ම යි; වෙනස් නොකළ හැකි මේදවරුන්ගේ ද පර්සිවරුන්ගේ ද ව්‍යවස්ථාව අනුව එය ස්ථිර ය”යි රජතුමා පිළිතුරු දුන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ඔව්හු රජු ඉදිරියට ළංවී රාජ තහනම ගැන කථාකොට: රජ්ජුරුවෙනි, කොයි මනුෂ්‍යයෙක් නුමුත් තිස් දවසක් යන තුරු ඔබගෙන් මිස යම් දෙවිකෙනෙකුගෙන්වත් මනුෂ්‍යයෙකුගෙන්වත් යම් ඉල්ලීමක් ඉල්ලුවොත්, ඔහු සිංහ ගුහාවේ දමනු ලැබේය කියා ඔබ තහනම් පත්‍රයක් කොට අත්සන්කළා නොවේදැයි ඇසුවෝය. රජද උත්තරදෙමින්: වෙනස් නොවන්නාවූ මේදවරුන්ගේද පර්සිවරුන්ගේද පනතේ හැටියට කාරණය සැබෑයයි කීවේය.