Daniel 9:27 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒ අධිපතියා බොහෝ දෙනෙකු සමඟ සතියකට වලංගු ගිවිසුමක් කරගන්නේ ය. සතියේ භාගයක් තුළ යාග ද ආහාර පූජා ද නවත්වනු ලැබේ. මේ සියල්ලේ උග්‍රාවස්ථාවේ දී බිහිසුණු දූෂිතය දේව මාලිගාව මත පැමිණෙන්නේ ය. මෙසේ වන්නේ, අන්තිමේ දී බිහිසුණු දූෂිතයට නියම කර ඇති විනාශය පැමිණෙන තුරු ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු සතියකට බොහෝ දෙනෙකු සමඟ ගිවිසුමක් ස්ථිරකොට, සතිය මැදදී යාගයත් ආහාර පූජාවත් නවත්වන්නේය; පාළුකරන්නෙක් පිළිකුල්වල මුදුන පිට එන්නේය; පාළුකරන දේ පිටට නියමවූ තීන්දුව දක්වාම උදහස වගුරුවනු ලබන්නේයයි කීවේය.