Daniel 9:7 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අහෝ ස්වාමීනි! ධර්මිෂ්ඨකම ඇත්තේ ඔබට ය; එහෙත්, අප හැමට ඇත්තේ, මුහුණ පෙන්නන්නට බැරි තරම් ලජ්ජාව ය. ඒ ලජ්ජාවට පත් වී සිටින්නේ, ජුදාවේ ජනයා හා ජෙරුසලමේ පුරවැසියන් වන අපි හැම ය; ඔබට විරුද්ධ ව ද්‍රෝහිකම් කළ නිසා ඔබ විසින් පන්නා දමනු ලැබ, අහලපහල හා දුරබැහැර සියලු රටවල සිටින සකල ඉශ්රායෙල්වරුන් වන අපි හැම ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අහෝ ස්වාමීන්වහන්ස, ඔබට ධර්මිෂ්ඨකම අයිතිය, නුමුත් අද දවසේ තිබෙන්නාක්මෙන් මුහුණු-ලජ්ජාව අපට අයිතිය. එනම් යූදාහි මනුෂ්‍යයන්ටත් යෙරුසලමේ වැසියන්ටත් ඔබට විරුද්ධව කළ ද්‍රෝහිකම නිසා ඔබ විසින් පන්නාදමනු ලැබ, සියලු රටවල ළඟ සිටින්නාවූද දුර සිටින්නාවූද සියලු ඉශ්‍රායෙල්වරුන්ටත්ය.