Deuteronomy 1:22 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“එවිට ඔබ සියල්ලෝ ම මා සමීපයට විත්, ‘අප කුමන මඟකින් යා යුතු ද අප පැමිණිය යුත්තේ කුමන නගරවලට ද කියා වාර්තා කිරීමට, රට පිළිබඳ ඔත්තු සොයා බලාගනු පිණිස අපට කලින් මිනිසුන් යැවිය යුතු ය’යි කීවහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම සියල්ලෝද මා ළඟට අවුත්: අප උදෙසා දේශය සෝදිසිකරන පිණිසත් අප විසින් යා යුතු මාර්ගයද පැමිණිය යුතු නුවරවල්ද ගැන හැරී ඇවිත් අපට දන්වන පිණිසත් අපට පෙරටුව මනුෂ්‍යයන් යවමුයයි කීවහුය.
Sinhala SNRV (New Revised Version 2018)
“එවිට ඔබ සියල්ලෝ ම මා සමීපයට විත්, ‘අප කුමන මඟකින් යා යුතු ද අප පැමිණිය යුත්තේ කුමන නගරවලට ද කියා වාර්තා කිරීමට, රට පිළිබඳ ඔත්තු සොයා බලාගනු පිණිස අපට කලින් මිනිසුන් යැවිය යුතු ය’යි කීවහු ය.