Deuteronomy 7:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ ඔවුන්ගේ දෙවි දේවතාවන්ගේ නෙළූ පිළිම ගින්නෙන් පුළුස්සා දැමිය යුතු ය. ඒ පිළිම මත ඇති රිදීවලට හෝ රන්වලට හෝ ආසා නොකළ යුතු ය. ඔබේ ප්‍රයෝජනයට ඒවා නොගත යුතු ය. එසේ කළොත් ඒවා ඔබට මලපතක් විය හැකි ය. මේ සියල්ල ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුල් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප ගින්නෙන් දවාදමන්න. ඒවායේ තිබෙන රන් රිදීවලට ආශාවී ඒවා නොගන්න, එසේ කළොත් ඔබ මලපතකට අසුවන්නේය. මක්නිසාද ඒවා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය.
Sinhala SNRV (New Revised Version 2018)