Deuteronomy 9:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් අද දින ඔබ මෙය වටහාගත යුතු ය. ඔබට පෙරටුවෙන් වඩින තැනැන් වහන්සේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ය. බුර බුරා නඟින ගින්නකින් මෙන් උන් වහන්සේ ඔවුන් වනසාලනු ඇත. ඔබ බලා සිටිය දී ම උන් වහන්සේ ඔවුන්ගේ බලය බිඳිනු ඇත. එවිට උන් වහන්සේ වදාළ පරිදි ඔබ ඔවුන් පන්නාදමා, විගස වනසාදමනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ම විනාශකරන ගින්නක්ව ඔබට පෙරටුව යන බව අද දැනගන්න; උන්වහන්සේම ඔවුන් විනාශකරනවා ඇත, උන්වහන්සේම ඔවුන් ඔබ ඉදිරියෙහි යටත්කරදෙනවා ඇත. මෙසේ ස්වාමීන්වහන්සේ ඔබට කී ලෙස ඔබ ඔවුන් පන්නා ඉක්මනින් නැතිකර දමනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)