Ecclesiastes 4:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කාත් කවුරුත් නැති ව, හුදකලා ව වසන කෙනෙක් ඇත. ඔහුට පුත්‍රයෙක් වත්, සහෝදරයෙක් වත් නැත; එහෙත්, ඔහුගේ සියලු ම වැඩකටයුතුවල නිමාවක් නැත; ඔහු තමා උපයන වස්තුවෙන් තෘප්තියට නොපැමිණෙයි. “මම මෙසේ පණ නොතකා, වෙහෙස වී, සැපක් නැති ව වැඩ කරන්නේ කා උදෙසා දැ”යි ඔහු නොඅසයි. මෙය ද නිසරු දෙයකි, කාලකණ්ණි ජීවිතයකි.
Sinhala Bile - Revised Old Version (SROV)
තව කෙනෙක් නැතුව තනිව සිටින්නෙක් ඇත්තේය; එසේය, ඔහුට පුත්‍රයෙක්වත් සහෝදරයෙක්වත් නැත; එහෙත් ඔහුගේ සියලුම වෙහෙසවලට කෙළවරක් නැත, ඔහුගේ ඇස් වස්තුවෙන් තෘප්තියට නොපැමිණෙයි. මම කා උදෙසා වෙහෙසවී මාගේ ප්‍රාණයට සැප නොදී සිටිම්දැයි ඔහු නොකියන්නේය. මේකත් නිෂ්ඵලකමක්ව, එසේය, තදබල වෙහෙසක්ව තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)