Ecclesiastes 8:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දෙවිඳාණන් මිහි පිට මිනිසෙකුට දෙන ලුහුඬු ජීවිතයේ දී, කා බී විනෝද වීමට වැඩි අන් කිසි සැපතක් ඔහුගේ ජීවන සටනේ දී ඔහුට ඇද් ද? දෙවියන් වහන්සේ ඔහුට මිහි පිට දෙන ජීවිත කාලයේ දී ඔහුගේ ශ්‍රමයෙන් ඔහුට ඉතිරි වන්නේ මෙපමණ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ප්‍රීතිය හොඳයයි සිතුවෙමි, මක්නිසාද කා බී ප්‍රීතිවීමට වඩා ඉර යට මනුෂ්‍යයාට හොඳ දෙයක් නැත්තේය. දෙවියන්වහන්සේ ඉර යට ඔහුට දෙන ඔහුගේ ජීවිතයේ දවස්වල ඔහුගේ වෙහෙසීමෙන් ඔහුට ඉතිරිවන්නේ ඒකය.
Sinhala SNRV (New Revised Version 2018)