Esther 10:3 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජුදෙව් ජාතික මොර්දෙකයි නිලයෙන් දෙ වන වූයේ, අහෂ්වේරොෂ් රජුට පමණකි. ජුදෙව්වරුන් අතරේ ඔහු උත්තමයෙක් විය. සිය සහෝදර සමූහයාට ප්‍රිය මනාප කෙනෙක් ද විය. ඔහු සිය සෙනඟගේ ශුභසිද්ධිය සොයමින්, තමාගේ මුළු වංශයේ සාමදානය උදෙසා ක්‍රියා කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යුදෙව්වාවූ මොර්දෙකයි අහෂ්වේරොෂ් රජුට දෙවෙනියාව, යුදෙව්වරුන් අතරේ උත්තමයෙක්ව, තමාගේ සහෝදර සමූහයාට ප්‍රිය කෙනෙක්ව සිටියේය; ඔහු තමාගේ සෙනඟගේ ශුභසිද්ධිය සොයමින්, තමාගේ මුළු වංශයේ සමාදානය උදෙසා ක්‍රියාකෙළේය.