Esther 5:1 — Compare Translations
2 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තුන් වන දා එස්තර් රාජ වස්ත්‍ර පැළඳගෙන රජ මැදුර ඉදිරිපිට වූ රජුගේ ශාලාවේ ඇතුළු මිදුලට ගොස් සිටියා ය. රජතුමා රජ මැදුරේ දොරටුවට මුහුණ දී සිහසුන් අරා හුන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද තුන්වෙනිදා එස්තර් රාජවස්ත්‍ර පැළඳගන රජගෙය ඉදිරිපිට තිබුණ රජගෙයි ඇතුල් මිදුලට ගොස් සිටියාය. රජ තෙමේ රජගෙයි රාජ සිංහාසනයෙහි ගෙයි දොරකඩ ඉදිරිපිට වැඩහුන්නේය.