Esther 9:22 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එසේ කෙළේ, ඒ දෙදවසේ දී, ජුදෙව්වරුන් නිදහස ලැබූ නිසාත්, ඒ මාසයේ දී ඔවුන්ගේ ශෝකය ප්‍රීතියටත්, ඔවුන්ගේ දොම්නස සොම්නසටත් හැරුණ නිසාත් ය. ඒවා ප්‍රීතිමත්, එකිනෙකාට කෑම හා තෑගි යවන දිළිඳුන්ට දන් දෙන මංගල්‍ය දවස් ලෙස පවත්වන්නට යැයි ඔවුන්ට නියම කරන ලදී.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒවා ප්‍රීතිමත්වූ, එකිනෙකාට තෑගි කොටස් අරින්නාවූ, දිළිඳුන්ට දන් දෙන්නාවූ මංගල්‍ය දවස් කරගන්ට කියා ඔවුන්ට නියමකෙළේය.