Esther 9:31 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒ ලියුම් මඟින්, ජුදෙව් ජාතික මොර්දෙකයි නියම කළ පරිදි මේ පූරීම් උත්සව දවස් නියමිත කාලයට පැවැත්වීම අනිවාර්ය කටයුත්තක් කරන ලදී. ඔවුන්ටත්, ඔවුන්ගේ පරපුරටත් උපවාස හා ශෝකවීම් පිළිබඳ නියමිත නීති රීති තිබුණ ලෙස ම මෙම නියෝග ද පණවන ලදී.
Sinhala Bile - Revised Old Version (SROV)
නිරාහාරවීමෙත් ඔවුන්ගේ වැලපීමෙත් කාරණා ගැන යුදෙව්වාවූ මොර්දෙකයිද එස්තර් බිසවද ඔවුන්ට නියමකළ හැටියටත්, ඔවුන්ම තමුන්ටද තමුන්ගේ වංශයටද නියමකරගත් හැටියටත්, ඒ පූරීම් දවස් ඒවායේ නියම කාලයට ස්ථිරකළෝය.