Exodus 12:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“සත් දිනක් නුඹලා නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. පළමු වන දින නුඹලාගේ ගෙවලින් මුහුන් ඉවත් කළ යුතු ය. පළමු වන දින සිට හත් වන දින දක්වා, යමෙක් මුහුන් රොටි අනුභව කරන්නේ ද ඒ තැනැත්තා ඉශ්රායෙල් ජනයා වෙතින් නෙරපාදමනු ලැබේ.
Sinhala Bile - Revised Old Version (SROV)
සත් දවසක් ඔබ සැම මුහුන් නුමුසු රොටි කෑ යුතුය; ප්‍රථම දවසෙහිම ඔබ සැමගේ ගෙවලින් මුහුන් බැහැරකළ යුතුය. මක්නිසාද ප්‍රථම දවස පටන් සත්වෙනි දවස දක්වා මුහුන් මුසු රොටි කන කවරෙක් නුමුත් ඉශ්‍රායෙල් කෙරෙන් සිඳදමනු ලබන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
“සත් දිනක් නුඹලා නුමුහුන් පූප අනුභව කළ යුතු ය. පළමු වන දින නුඹලාගේ ගෙවලින් මුහුන් ඉවත් කළ යුතු ය. පළමු වන දින සිට හත් වන දින දක්වා, යමෙක් මුහුන් පූප අනුභව කරන්නේ ද ඒ තැනැත්තා ඉශ්රායෙල් ජනයා වෙතින් නෙරපාදමනු ලැබේ.