Exodus 12:39 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු මිසර දේශයෙන් පිටතට ගෙනා, ඇනූ නුමුහුන් පිටිවලින් රොටි පිළිස්සූ හ. මිසරයෙන් ඔවුන් නෙරපාදැමූ විට පමා වීමට ඉඩක් නොතිබුණු බැවින් මුහුන් දමා ඇනූ පිටි ඔවුන් සතු නො වී ය. තවද, කිසි ආහාරයක් පිළියෙළ කරගැනීමට ද ඔවුන්ට නොහැකි විය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් මිසරයෙන් පන්නාදමනු ලැබ ප්‍රමාදවෙන්ට නොහැකිව සිටි නිසාත් තමන්ට කිසි ආහාරයක් පිළියෙළකරගන නොතිබුණු නිසාත් ඔව්හු මිසරයෙන් ගෙනාවාවූ නොපිපුණු අනාපු පිටිවලින් මුහුන් නුමුසු රොටි පිළිස්සුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)