Exodus 34:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“නුඹ නුමුහුන් රොටි මංගල්‍යය පැවැත්විය යුතු ය. මා නුඹට අණ කළ පරිදි ආබිබ් නම් මාසයේ දී දින හතක් නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. මන්ද, නුඹ මිසර දේශයෙන් පිටත ආවේ ඒ මාසයේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මුහුන් නොදැමූ රොටි මංගල්‍යය පවත්වන්න. මා ඔබට අණදුන් ලෙස ආබීබ් මාසයේ නියම කාලයෙහි සත් දවසක් මුහුන් නොදැමූ රොටි කන්න. මක්නිසාද ආබීබ් මාසයේදී ඔබ මිසරයෙන් පිටතට ආවෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
“නුඹ නුමුහුන් පූප මංගල්‍යය පැවැත්විය යුතු ය. මා නුඹට අණ කළ පරිදි ආබිබ් නම් මාසයේ දී දින හතක් නුමුහුන් පූප අනුභව කළ යුතු ය. මන්ද, නුඹ මිසර දේශයෙන් පිටත ආවේ ඒ මාසයේ ය.