Exodus 9:23 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු තම සැරයටිය අහස දෙසට දිගු කළ විට, සමිඳාණන් වහන්සේ මේඝ ගර්ජනා ද, ගල් වර්ෂා ද එවූ සේක. පොළොව මත ගිනි පතිත විය. මුළු මිසර දේශයට ම උන් වහන්සේ ගල් වර්ෂාව වැටෙන්නට සැලැසූ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මෝසෙස් තමාගේ සැරයටිය අහස දෙසට දිගුකෙළේය. එවිට ස්වාමීන්වහන්සේ අකුණු ගර්ජනා සහ ගල් වර්ෂාව එවූසේක, ගින්න පොළොව පිට වැටුණේය; ස්වාමීන්වහන්සේ මිසර දේශය පිටට ගල් වර්ෂාව වැස්සෙවුසේක.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු තම සැරයටිය අහස දෙසට දිගු කළ විට, සමිඳාණන් වහන්සේ මේඝ ගර්ජනා ද, ගල් වර්ෂා ද එවූ සේක. පොළොව මත ගිනි පතිත විය. මුළු මිසර දේශයට ම උන් වහන්සේ ගල් වර්ෂාව වැටෙන්නට සැලැසූ සේක.