Ezekiel 11:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දේවාත්මානුභාවය මා ඔසවාගෙන ගොස් නැගෙනහිර දෙසට තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ නැගෙනහිර දොරටුවට මා පැමිණෙව්වේ ය. බලන්න, මනුෂ්‍යයෝ විසිපස්දෙනෙක් දොරකඩ සිටියෝ ය. ඔවුන් අතරේ සෙනඟගේ අධිපතීන් වන අස්සුර්ගේ පුත් ජාසිනියා ද බෙනායාගේ පුත් පෙලතියා ද සිටිනු දිටිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද ආත්මය මා උස්සාගන ගොස් නැගෙනහිර දෙසට තිබෙන ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ නැගෙනහිර දොරටුවට මා පැමිණෙවුවේය. බලව, මනුෂ්‍යයන් විසිපස් දෙනෙක් දොරකඩ සිටියෝය; ඔවුන් අතරේ සෙනඟගේ අධිපතියන් වන අස්සුර්ගේ පුත්‍රවූ යාසනියාද බෙනායාගේ පුත්‍රවූ පෙලතියාද සිටිනවා දුටිමි.
Sinhala SNRV (New Revised Version 2018)