Ezekiel 20:31 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලාගේ පුත්‍රයන් ගින්නෙහි පූජා කරමින් නුඹලාගේ පඬුරු ඔප්පු කරන කල, නුඹලා අද දක්වා නුඹලාගේ සියලු දේව රූප කරණකොටගෙන කිළුටු වන්නහු ද? කරුණු මෙසේ ව තිබිය දී ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා තවමත් මාගේ කැමැත්ත විමසන පිණිස පැමිණෙන්නහු ය. මාගේ ජීවමාන නාමයෙන් දිවුරා නුඹලාට මාගෙන් විමසන්න ඉඩ නොදෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමගේ පුත්‍රයන් ගිනි මැදින් යැවීමෙන් ඔබ සැමගේ පඬුරු ඔප්පුකරන කල, ඔබ සැම අද දක්වා ඔබ සැමගේ සියලු දේවරූප කරණකොටගෙන කිලුටුවන්නහුද? එබැවින් ඉශ්‍රායෙල් වංශය, මම ඔබ සැම විසින් විභාගකරනු ලබම්ද? මා ජීවමාන බව සැබෑවා සේම මම ඔබ සැම විසින් විභාගකරනු නොලබන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
Sinhala SNRV (New Revised Version 2018)