Ezekiel 26:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පාතාල ලෝකයට බැස ගිය, පෙර විසූ සෙනඟ ළඟට ගලා බසින්නට මම නුඹට සලස්වන්නෙමි. නුඹ තුළ වැසියන් නොසිටින පිණිස ද ජීවත් ව සිටින්නන්ගේ දේශයෙහි තැනක් නො ලබන පිණිස ද පාතාල ලෝකයට බසින අය සමඟ පොළොවේ පාතාලයෙහි එනම්, පෙර සිට පාළු වූ තැන්හි නුඹ වාසය කරවන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මිනීවළට බැස්ස පුරාණ ළඟට බසින්ට මම ඔබට සලස්වන්නෙමි, ඔබ තුළ වැසියන් නොසිටින පිණිසද ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි මා විසින් මහිමය තබන පිණිසද මිනීවළට බසින අය සමඟ පොළොවේ පහත් තැන්වල එනම් පුරාතන සිට පාළුවූ තැන්හි ඔබ වාසයකරවන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)