Ezekiel 32:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මැරුම්කෑ අය කෙරෙහි ඇගේ මුළු හමුදාව මධ්‍යයෙහි ඈට යහනක් තබා තිබේ. ඔවුන්ගේ මිනී වළවල් ඈ වටකර ඇත. ඔව්හු සියල්ලෝ ම අචර්මඡේදිත වූ, කඩුපහරින් මැරුම්කෑ අය ය. ජීවත් ව සිටිය දී ඔව්හු භීතිය පතුරුවා හැරියෝ ය. එහෙත්, දැන් ඔව්හු මරණයට ගොදුරු වී පාතාල ලෝකයට බැස යන්නන් සමඟ නින්දාවට පත් වෙති.
Sinhala Bile - Revised Old Version (SROV)
මැරුම්කෑ අයින් අතරෙහි ඇගේ මුළු සමූහයා ඇතුළුව ඈට යහනක් තබා තිබේ; ඇගේ මිනීවළවල් ඈ වටකර තිබේ. ඔවුන් සියල්ලෝම අචර්මඡේදිතව කඩුවෙන් මැරුම්කෑවෝය. මක්නිසාද ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි ඔව්හු භීතිය ඉපදෙවුවෝය; ඔව්හු මිනීවළට බසින්නන් හා සමඟ තමුන්ගේ නින්දාව ඉසුලුවෝය. මරනු ලැබූවන් අතරේ ඔහු තබනු ලැබීය.
Sinhala SNRV (New Revised Version 2018)