Ezra 3:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු සමිඳාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින්, “උන් වහන්සේ යහපත් ය; මන්ද, ඉශ්රායෙල් කෙරෙහි උන් වහන්සේගේ කරුණාව සදහට ම පවතින්නේ ය”යි කියමින් ගී ගැයූ හ. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම දැමූ නිසා ඔවුන් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කළ විට, මුළු සෙනඟ දෙවියන් වහන්සේට මහා ප්‍රශංසා ඝෝෂාවක් නැඟුවෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු ස්වාමීන්වහන්සේ ට ස්තුති ප්‍රශංසාකරමින්: උන්වහන්සේ යහපත්ය, මක්නිසාද ඉශ්‍රායෙල් කෙරෙහි උන්වහන්සේගේ කරුණාව සදාකල්ම පවත්නේය කියා ඔවුනොවුන් ගී කීවෝය. ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ අත්තිවාරම දමන නිසා ස්වාමීන්වහන්සේ ට ප්‍රශංසාකළ විට මුළු සෙනඟ මහත් ඝෝෂාවකින් ඝෝෂාකළෝය.
Sinhala SNRV (New Revised Version 2018)