Ezra 4:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සෙරුබ්බාබෙල් ද පිය වංශවල ප්‍රධානීන් ද වෙත අවුත්, ඔවුන්ට කතා කොට, “ඔබ හා සමඟ මාලිගාව ගොඩනඟන්නට අපටත් ඉඩ දෙන්න; මන්ද, ඔබ සේ ම අපිත් ඔබේ දෙවියන් වහන්සේ අදහමු; මෙතැනට අප ගෙනාවා වූ අසිරියාවේ රජු වන ඒසර්-හද්දොන්ගේ කාලයේ පටන් අපි උන් වහන්සේට පූජා කරමින් සිටියෙමු”යි කී හ.
Sinhala Bile - Revised Old Version (SROV)
සෙරුබ්බාබෙල්ද පියවංශවල ප්‍රධානීන්ද ළඟට ඇවිත් ඔවුන්ට කථාකොට: ඔබ සැම හා සමඟ මාලිගාව ගොඩනගන්ට අපට ඉඩදෙන්න. මක්නිසාද ඔබ සැම සේම අපිත් ඔබ සැමගේ දෙවියන්වහන්සේ අදහමුව; මෙතැනට අප ගෙනාවාවූ අෂූර්හි රජවූ ඒසර්-හද්-දොන්ගේ කාලයේ පටන් අපි උන්වහන්සේට පූජාකරන්නෝව සිටිමුයයි කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)