Ezra 9:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඒ නිසා, ඔබේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට පෙළවහට දීම වත්, ඔවුන්ගේ දූවරුන් ඔබේ පුත්‍රයන්ට පෙළවහට ගැනීම වත්, ඔවුන්ගේ සාමය හා ශුභසිද්ධිය සෙවීම වත් නොකළ යුතු ය. මෙසේ ඔබ බලවත් ව සිට, දේශයේ සරු පලදාව භුක්ති විඳ, එය සදහට ම ඔබේ දරුවන්ට උරුම කර දෙන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ නිසා ඔබ සැම බලවත්ව සිට, දේශයේ සාරවත්කම භුක්තිවිඳ, ඒක සදාකාලයටම ඔබ සැමගේ දරුවන්ට උරුමකරදෙන පිණිස, ඔබ සැමගේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට දෙන්ටවත් ඔවුන්ගේ දූවරුන් ඔබ සැමගේ පුත්‍රයන්ට ගන්ටවත් ඔවුන්ගේ සමාදානයද ශුභසිද්ධියද කිසිකලක සොයන්ටවත් එපායයි ඔබ අණකර තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)