Genesis 12:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඉන්පසු ඔහු බෙතෙල් නගරයට නැගෙනහිරින් පිහිටි කඳුකර පෙදෙසට ගමන් කෙළේ ය. මෙසේ ගමන් කොට, බටහිරින් බෙතෙල් නගරය ද, නැගෙනහිරින් ආයි නගරය ද අතර තම කඳවුර පිහිටුවාගත්තේ ය. එහි දී ඔහු පූජාසනයක් ඉදි කර සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු ඒ ස්ථානයෙන් ගොස් බෙතෙල්ට නැගෙනහිරින් පිහිටි කන්දට පැමිණ බස්නාහිරින් බෙතෙල්ද නැගෙනහිරින් ආයිද ඇතුව තමාගේ කූඩාරම පිහිටුවාගත්තේය. තවද ඔහු එතැන්හි ස්වාමීන්වහන්සේ ට පූජාසනයක් ගොඩනගා ස්වාමීන්වහන්සේ ගේ නාමය කියා යාච්ඤාකෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඉන්පසු ඔහු බෙතෙල් නගරයට නැගෙනහිරින් පිහිටි කඳුකර පෙදෙසට ගමන් කෙළේ ය. මෙසේ ගමන් කොට, බටහිරින් බෙතෙල් නගරය ද, නැගෙනහිරින් ආයි නගරය ද අතර තම කඳවුර පිහිටුවාගත්තේ ය. එහි දී ඔහු පූජාසනයක් ඉදි කර සමිඳාණන් වහන්සේගේ නාමය කියා යාච්ඤා කෙළේ ය.