Genesis 30:33 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තවද, මාගේ අවංක භාවය ද ඔබට සොයාගත හැක. ඔබ මාගේ කුලිය ගැන සෝදිසි කර බලන විට, එළුවන් අතරෙන් තිත් හෝ පුල්ලි හෝ නැති එකෙකු වත් බැටළුවන් අතරෙන් කළු පාට නැති එකෙකු වත් මට සිටියොත් ඌ සොරාගත් එකෙකු සැටියට ඔබට ගණන් ගත හැකි ය”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙසේ, ඔබ ඉදිරියෙහි තිබෙන මාගේ කුලිය සඳහා ඔබ එන කල්හි, මාගේ ධර්මිෂ්ඨකම මින් පසු මා වෙනුවට උත්තර දෙනවා ඇත. එළුවන් අතරෙහි තිත් සහ ලප නැත්තාවූද බැටළුවන් අතරෙහි කළුපාට නොවූද එකෙක්වත් මා වෙත සම්බවීනම් ඌ සොරකම්කරනලදැයි ගණන්ගත යුතුයයි කීය.
Sinhala SNRV (New Revised Version 2018)