Genesis 34:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, අප සමඟ එකට වාසය කර එක සෙනඟක් වීමට ඒ මිනිසුන් කැමැති වන්නේ, අප අතර සිටින සෑම පිරිමියෙකු ම, ඔවුන් චර්මඡේදිත වී ඇති ලෙස, චර්මඡේදිත වුවහොත් පමණ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ඒ මනුෂ්‍යයන් චර්මඡේද්‍යය කරනුලැබුවාක් මෙන් අප අතරෙහි සියලු පිරිමි චර්මඡේද්‍යය කරනු ලැබුවොත් මිස නැත්නම් අප සමඟ වාසයකර එක සෙනඟක් වෙන්ට ඔව්හු අප හා එකඟ නොවන්නාහුය.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, අප සමඟ එකට වාසය කර එක සෙනඟක් වීමට ඒ මිනිසුන් කැමැති වන්නේ, අප අතර සිටින සෑම පිරිමියෙකු ම, ඔවුන් චර්මඡේදිත වී ඇති ලෙස, චර්මඡේදිත වුවහොත් පමණ ය.