Genesis 40:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ප්‍රධාන පූප සාදන්නා ද එහි තේරුම කදිම බව දුටු විට, ඔහුත් ජෝසෙප්ට කතා කොට, “මම ද සිහිනෙන්, මාගේ හිස මත පූප පෙට්ටි තුනක් ඇති ව සිටිනු දිටිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
පූප සාදන්නන්ගේ නායකයා ඒ අර්ථ කීම යහපත් බව දැක යෝසෙප්ට කියනුයේ: මමත් හීනයක් දුටිමි, බලව, මාගේ හිස පිට සුදු රොටි පෙට්ටි තුනක් තිබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
ප්‍රධාන රොටි සාදන්නා ද එහි තේරුම කදිම බව දුටු විට, ඔහුත් ජෝසෙප්ට කතා කොට, “මම ද සිහිනෙන්, මාගේ හිස මත රොටි පෙට්ටි තුනක් ඇති ව සිටිනු දිටිමි.