Genesis 42:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට රූබන් පිළිතුරු දෙමින්, “ ‘ළමයාට විරුද්ධ ව පව් නොකරන්න,’ කියා මා ඔබට කීවා නොවේ ද? එහෙත්, ඔබ ඇහුම්කන් නුදුන්නහු ය. එබැවින්, මෙන්න, ඔහුගේ ලේ ගැන අප දැන් වන්දි ගෙවිය යුතු ය”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
රූබෙන් ඔවුන්ට උත්තරදෙමින්: ළමයාට විරුද්ධව පව් නොකරල්ලාය කියා මම ඔබ සැමට නොකීයෙම්ද? එහෙත් ඔබ සැම ඇහුවේ නැත. බලව, ඒ නිසාත්, ඔහුගේ ලේ ගැන පළිගනු ලැබේයයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට රූබන් පිළිතුරු දෙමින්, “ ‘ළමයාට විරුද්ධ ව පව් නොකරන්න,’ කියා මා ඔබට කීවා නොවේ ද? එහෙත්, ඔබ ඇහුම්කන් නුදුන්නහු ය. එබැවින්, මෙන්න, ඔහුගේ ලේ ගැන අප දැන් වන්දි ගෙවිය යුතු ය”යි කී ය.