Hebrews 11:37 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුහු මැරෙන තුරා ගල් ගසනු ලැබූහ; කියතින් දෙකට ඉරනු ලැබූහ; කඩුවෙන් මරා දමනු ලදහ. ඔවුහු අනාථ භාවයට, වධයට, අසාධාරණයට ගොදුරු වෙමින් එළු හම් හා බැටළු හම් පමණකින් විළි වසාගෙන, තැන් තැන්හි ගියහ.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු ගල් පහර ලැබූ හ. කියතෙන් දෙකට ඉරනු ලැබූ හ, කඩුවෙන් මරනු ලැබූ හ. ඔව්හු අනාථ ව දුක් පීඩා විඳිමින්, බැටළු හම් හා එළු හම් ඇඳ, ඔබමොබ ගියහ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු ගල්ගසනු ලැබුවෝය, කියතෙන් ඉරනු ලැබුවෝය, පරීක්ෂා කරනු ලැබුවෝය, කඩුවෙන් මරනු ලැබුවෝය. ඔව්හු අසරණකම්ද පීඩාද නපුරුකමද විඳිමින්, බැටළු හම්ද එළු හම්ද ඇඳගෙන, ඔබ මොබ ගියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු ගල් පහර ලැබූ හ. කියතෙන් දෙකට ඉරනු ලැබූ හ, කඩුවෙන් මරනු ලැබූ හ. ඔව්හු අනාථ ව දුක් පීඩා විඳිමින්, බැටළු හම් හා එළු හම් ඇඳ, ඔබමොබ ගියහ.