Hebrews 12:10 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද ඔවුන් අප හික්මවූයේ ඔවුන්ට වඩා හොඳයයි පෙනුණු පරිදි ටික කලකට ය. එහෙත් මුන්වහන්සේ අප හික්මවන්නේ අපේ යහපත සඳහා, අප උන්වහන්සේගේ ශුද්ධත්වයට පංගුකාර වන පිණිස ය.
Sinhala Bile - New Revised Version (NRSV)
අපේ මෙලෝ පියවරු තමන්ට හරි යයි පෙනුණු ලෙස මඳ කලකට අපට දඬුවම් කළහ; එහෙත් උන් වහන්සේ තමන්ගේ පරිශුද්ධත්වයට අප පංගුකාරයන් වන පිණිස, අපේ යහපත සඳහා දඬුවම් කරන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඔව්හු ඇත්තෙන්ම තමුන්ට යහපත්ව පෙනුණු ලෙස ස්වල්ප දවසකට දඬුවම්කළෝය; නුමුත් උන්වහන්සේ තමන්ගේ ශුද්ධකමට අප පංගුකාරයන් වන පිණිස අපේ ප්‍රයෝජනය සඳහා දඬුවම්කරනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
අපේ මෙලෝ පියවරු තමන්ට හරි යයි පෙනුණු ලෙස මඳ කලකට අපට දඬුවම් කළහ; එහෙත් උන් වහන්සේ තමන්ගේ පරිශුද්ධත්වයට අප පංගුකාරයන් වන පිණිස, අපේ යහපත සඳහා දඬුවම් කරන සේක.