Hebrews 2:8 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
සියලු දේම ඔහුගේ පයට යටත් කරමිනි” යනුවෙනි. උන්වහන්සේ සියල්ල උන්වහන්සේගේ පයට යටත් කළ සේක්, උන්වහන්සේ යටතට පත් නො කළ කිසිවක්ම නැත. එහෙත් හැම දෙයක්ම උන්වහන්සේට යටත්ව ඇති වග තවමත් අපට නො පෙනේ.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ ඔහුගේ පාදවලට සියල්ල ම යටත් කළ සේක.” එසේ ය, උන් වහන්සේ සියල්ල මිනිසාට යටත් කළ සේකැ යි කීමෙන් යටත් නොකළ කිසිවක් තවත් ඉතිරි වී නැති බව ප්‍රකාශ වේ. කෙසේ වෙතත් සියල්ල මිනිසාට යටත් කර තිබෙන බව තව ම අපට නොපෙනේ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සියල්ලම ඔහුගේ පාදවලට යටත්කළසේකැයි කීය. එසේය, උන්වහන්සේ සියල්ල ඔහුට යටත්කළ බැවින් කිසිවක් යටත් නොකොට හැරියේ නැත. එහෙත් දැන් සියල්ල ඔහුට යටත්කර තිබෙන බව තවම අපට නොපෙනේ.
Sinhala SNRV (New Revised Version 2018)