Isaiah 31:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
උපකාර ලබන පිණිස මිසරයට යන අයට වන විපතක මහත! ඔව්හු අශ්වයන්, අශ්ව රථ සහ හේවායන් ඇති, සිව්රඟ හමුදා බලය කෙරෙහි විශ්වාසය තබති. එහෙත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වන සමිඳුන් කෙරෙහි ඔව්හු තමන්ගේ විශ්වාසය නොතබති; සමිඳුන්ගේ උපදෙස් නොසොයති.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ දෙස බලන්නේවත් ස්වාමීන්වහන්සේ සොයන්නේවත් නැතුව උපකාර පිණිස මිසරයට යන්නාවූ, අශ්වයන් කෙරෙහි විශ්වාසය තබන්නාවූ, රථ බොහෝ නිසා ඒවා කෙරෙහිද අසරුවන් ඉතා බලවත් නිසා ඔවුන් කෙරෙහිද විශ්වාසකරන්නාවූ අයවලුන්ට දුක්වේ! නුමුත් උන්වහන්සෙත් ප්‍රඥාවන්තසේක;
Sinhala SNRV (New Revised Version 2018)